Wednesday, May 21, 2025

General line - 0115112241

ත්‍රස්තවාදයෙන් රට මුදාගත් රණවිරුවන් අභිමානයෙන් සැමරේ



16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මහත් අභිමානයෙන් අද පස්වරුවේ පැවැත් වුණා. 

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 

පස්වරු 04.25ට පමණ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමග එම සැමරුම් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණේ ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුවයි. 

යුධ ජයග්‍රහණය සඳහා නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ඇතුළු රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් ඊට එක්ව සිටියා. 

එහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ නැවත රට තුළ යුද්ධයක් ඇති වීම වැලැක්වීම සියලු පුරවැසියන්ගේ වගකීම වන බවයි.


එහිදී සිය කතාව අවසන් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ රට ගොඩනැගීම සඳහා සියලුදෙනා එක්ව නව සටනක් ඇරඹිය යුතු බවයි.



ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහි කරමින් විනාඩි දෙකක නිහඬතාවක් පැවැත් වූ අතර ඉන් අනතුරුව රණ බෙර වාදනයක් ඉදිරිපත් කෙරුණේ රට රැකගත් රණවිරුවන්ගේ අභිමානය සිහිගන්වමින්.