Wednesday, May 21, 2025

General line - 0115112241

ආයෙත් ලුණු හිඟයක් නොඑන්න කරන්න යන දේ



වෙළඳපොලෙහි පවතින ලුණු හිඟය මෙම සතිය අවසන් වන විට නිමාවට පත්වනු ඇති බව ලංකා ලුණු සමාගම පවසනවා. 

එහි සභාපති ඩී. නන්දනතිලක මහතා පැවසුවේ ආනයනික ලුණු මෙන්ම හම්බන්තොට ලේවායේ නිෂ්පාදනය කෙරෙන ලුණු තොග ද මෙම මාසය අවසන් වන විට වෙළඳපොලට නිකුත් කෙරෙන බවයි.


රට වටා සාගරයක් පවතින මෙරට තුළ එක්වර ලුණු හිඟයක් ඇති වීමට හේතු මොනවාද? නෙත් නිවුස් ලංකා ලුණු සමාගමේ සභාපතිවරයාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළා.


කාලගුණික තත්ත්වයන් හේතුවෙන් රට තුළ ඉදිරියේදී ලුණු හිඟයක් ඇති වීම මඟහැරීමට සැලසුම් තිබේද? ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා.