පාර්ලිමේන්තුව අද සිට ලබන 23 වනදා දක්වා රැස්වන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.
එම තීරණය ගෙන ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 16 වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි.
ඒ අනුව අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය වෙන් කර ඇත්තේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහායි.
ඉන්පසු පෙරවරු 11.30 සිට පස්වරු 05.00 දක්වා නිෂ්පාදන බදු පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා කාලය තුළ විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.