Thursday, May 29, 2025

General line - 0115112241

තද වැසි සහ සුළං මධ්‍යම කඳුකරයට කළ හදියක්



ප්‍රදේශ කිහිපයක ගත වූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

එම අනතුරු සිදුව තිබුණේ කෑගල්ල, වාලච්චේන, මාතලේ සහ කැකිරාව යන පොලිස් වසම්වලදීයි.

කෑගල්ල පොලිස් වසමේ බෙරගල මාර්ගයේදී බූම්ට්‍රක් රථයක් හා යතුරු පැදියක් ගැටී එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. 

බූම්ට්‍රක් රථය මාර්ගයේ නවතා රියදුරු රථයෙන් බැස ලීවර පද්ධතිය ආධාරයෙන් දැව කඳන් පටවමින් සිට ඇති අතර එක්වරම එම රථයේ ආධාරක ගිළිහී යාමෙන් මාර්ගයේ පහළට ඇදී ගොස් නවතා තිබූ යතුරු පැදියක පසුපසින් ගැටී තිබෙනවා. 

අනතුරින් යතුරු පැදිකරු හා පැදිකරුගේ දියණිය තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරු පැදිකරු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා සිටි අනන්‍යතාවය හෙළි නොවූ පුද්ගලයෙකුගේ මරණයක් වාලච්චේනෙන් වාර්තා වනවා. 

තුවාල සහිතව සිටි මෙම පුද්ගලයා වැටී සිටි බවට දන්වා ඇති 18 කණුවට ප්‍රදේශයට ගොස් පරික්ෂා කර තිබෙනවා. 

එහිදී හෙළි වී ඇත්තේ මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ අනතුරක් බවටයි. 

මාතලේ, වත්තේගම මාර්ගයේ උකුවෙල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ධාවනය වී මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂය පත් වුණා. 

ත්‍රිරෝද රථය පෙරලී යාමෙන් මෙලෙස මිය ගියේ අවුරුදු 60ක් වූ එහි රියදුරායි.

කැකිරාව - දඹුල්ල මාර්ගයේ ඇලගමුව ප්‍රදේශයේදී ද මාරක අනතුරක් සිදුව තිබෙනවා. 

මහනුවර දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ බස් රථයක මාර්ගය හරහා ගමන්කළ අත්ට්‍රැක්ටරයක් ගැටී සිදුවූ මෙම අනතුරෙන් 49 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා. 

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.