අද උදෑසන 08.00 සිට පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාව සහ භෞත චිකිත්සක සේවාවේ වෘත්තිකයින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට අද බලපෑම් එල්ල වුණා.
මේ, ප්‍රතිකාර ගැනීම සඳහා අද රෝහල් වෙත පැමිණි රෝගීන් පළ කළ අදහස්.
පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාව සහ භෞත චිකිත්සක සේවාවේ වෘත්තිකයින් ආරම්භ කළ වැඩ වර්ජනය හෙට උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ නිසි විසඳුමක් නොලැබුණහොත් වර්ජනය ඉදිරියේදී අඛණ්ඩව සිදු කරන බවයි.
පරිපූරක වෛද්‍ය සේවාව සඳහා බඳවා ගැනීමේ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙනවා.