Sunday, June 1, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර වෙඩි තැබීමේ ඉසව්වක පදක්කමක්

ටී.කේ.ජී.කපිල



පළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ  තරගාවලියෙදී ලෝකඩ පදක්කම හිමිවී තිබෙනවා 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයල් ලියනගේ එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගෙන තිබුනේ 

ඔහු අද දින උදෑසන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මෙම තරගාවලිය චෙක් ජනරජයේ ( Czech )   , සනෝයිමෝ ( Znojmo ) නුවර , ලෝකයේ රටවල් 64 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,095 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 10 දින සිට 25 දින දක්වා පවත්වා තිබුණි .

ශ්‍රී ලංකා වෙඩි තැබීම් ඉතිහාසයේ තනි පුද්ගල ක්‍රීඩකයෙකු දිනා ගත් පළමු ජාත්‍යන්තර පදක්කම මෙය බව ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති රියර් අද්මිරාල් මංජුල දිසානායක මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

කයල් ලියනගේ තවමත් 12 හැවිරිදි වියේ පසුවන , කොළඹ ජාත්‍යන්තර පාසැලක 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකි .