Thursday, May 29, 2025

General line - 0115112241

රෝගීන් අමාරුවේ වැටුනත් ඉවරයක් නැති සෞඛ්‍ය වර්ජනය



පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කරතාවකාලිකව අත්හිට වූ  වැඩවර්ජනය යළ ක්‍රියාත්මක කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මෙලෙස සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. 

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ මෙම සාකච්ඡාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනු ඇති බවයි. 


පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය අද උදෑසන 08.00ට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා. 

ඊයේ උදෑසන 08.00 සිට පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාව සහ භෞත චිකිත්සක සේවාවේ වෘත්තිකයින් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ පරිපූරක වෛද්‍ය සේවාව සඳහා බඳවා ගැනීමේ ගැටලුවක් මුල්කර ගනිමින්. 
 

අද දිනයේ ලබාදීමට තිබූ සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව වෛද්‍ය රසායනාගාර භෞත චිකිත්සක තනතුරු පිරිනැමීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් ද ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා.