Saturday, May 31, 2025

General line - 0115112241

සක්‍රීය වී ඇති නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම ජූනි තෙක්

එන් ඒ ඩබ් නිරෝෂන්



සක්‍රීය වී ඇති නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ ජූනි පළමුවනදා තෙක්ම මෙම තත්ත්වය පවතිනු ඇති බවයි.


දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවල බලාපොරොත්තු විය හැකි බවත් සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මුහුදේ සුළං තත්ත්වය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාවද දැනුවත් කර ඇති බවයි.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇඳහැලෙමින් පවතිනවා. 

 

පවතින වර්ෂාවත් සමග ඩෙවෝන් සහ සෙන්ක්ලෙයාර් යන දියඇලිවල ගලා හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හැටන් ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලය විටින් විට ඇණ හිටීම නිසා ජනතාව දැඩි අසීරුතාවයට පත්ව ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.