සමගි ජන බලවේගය තුළ කිසිදු අර්බුදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පක්ෂය සැමවිට කටයුතු කරන්නේ පක්ෂයට නියමිත නිර්ණායක යටතේ බවයි.
පළාත් පාලන ආයතනවල සභිකයින් පත් කිරීම සම්බන්ධයෙන් මතු වූ ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉවත් වුණා.
සමගි ජන බලවේගයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.