Sunday, June 1, 2025

General line - 0115112241

ලංකා වානේ සංස්ථාව හැටන් නැෂනල් බැංකුවේ කොටස් හිමිකාරත්වය සමඟින් මූල්‍ය සේවා ක්ෂේත්‍රයට පිවිසෙයි



සීමාසහිත ලංකා වානේ සංස්ථාව (ලංවා) සිය ජයග්‍රාහී ගමන් මඟෙහි තවත් විශිෂ්ට සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පී.එල්.සී සතුව පැවැති හැටන් නැෂනල් බෑන්ක් පී.එල්.සී හි 9.99%ක කොටස් හිමිකාරත්වය ප්‍රකාශයට පත් කළේ බැංකුවේ විශාලතම තනි කොටස්හිමිකරු බවට ලංවා පත් කරමිනි..

අද දින නිකුත් කරන ලද ඒ පිළිබඳ නිවේදනය මඟින්, 2009 වසරේ මෙම දැවැන්ත වානේ සමාගම මිලදී ගෙන. අද වන විට වානේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතමයා බවට ලංවා සන්නාමය නඟා සිටුවීම සහ වැඩිදියුණු කිරීම සඳහා සුවිසල් ආයෝජනයක් කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයුම් කටයුතු සිදුකළ ශ්‍රී ලාංකික ව්‍යාපාරික හා කර්මාන්ත කටයුතු පිළිබඳ විශිෂ්ටයකු වන නන්දන ලොකුවිතාන මහතාගේ දූරදර්ශී දැක්මක් සහිත නායකත්වය මනාව පිළිබිඹු වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය. ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ ශ්‍රී ලංකාව තුළ සත්කාරක, ඉදිකිරීම්. දේපල හා නිවාස, වානේ. සිමෙන්ති සහ ටයර් ඇතුළු ප්‍රධාන ව්‍යාපාර අංශ ගණනාවක උපායමාර්ගික ආයෝජනවල සිට විහිඳ යන සිය විවිධාංගීකෘත ව්‍යාපාර ක්ෂේත්‍ර ජාලයක හිමිකරු ලෙස ලොකුවිතාන මහතා ඉමහත් පිළිගැනීමට පාත්‍රව සිටියි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ හා සම්බන්ධ විශ්වාසදායක මූලාශ්‍ර අනාවරණය කළ පරිදි, ලංවා විසින් කරන ලද කොටස් මිලදී ගැනීම මෑත කාලයේ සිදු වූ විශාලතම ගනුදෙනු වලින් එකකි.

ඓතිහාසික ලංවා සන්නාමය නව පණක් ලබා යළි උපත ලැබීමෙන් පසු, නව ලොව නවතම තාක්ෂණ පහසුකම් සහිතව හම්බන්තොට ඉදිකරන ලද ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදනාගාරය ස්ථාපිතකිරීමත් සමඟ, 2018 වසරේදී මෙම සමාගම සිමෙන්ති කර්මාන්ත අංශය දක්වා විවිධාංගීකරණය විය.

මෙම ව්‍යාපාර සමූහයට අයත් ශ්‍රී ලංකාවේ සෙසු නිෂ්පාදන අංශ වලට 2017 වසරේ හොරණ දී ආරම්භ කරන ලද ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (ප්‍රසිවට්) ලිමිටඩ් ද ඇතුළත් වන අතර, එය තක්සේරුගතඒකක මිලියන 10ක වාර්ෂික නිෂ්පාදනාගාර ධාරිතාවක් සහිතව ශ්‍රී ලංකාව තුළ දීපව්‍යාප්ත අලෙවි ජාලයකට අමතරව යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු ඇමෙරිකාව වැනි රට වලට අපනයන සිදු කරන ක්‍රියාකාරී ආයෝජන මණ්ඩල ඒකාබද්ධ ව්‍යාපාරයකි.

දිනෙන් දින වඩ වඩාත් සවිමත්ව වැඩෙමින් ඉදිරියට ගමන් කරන ලංවා ව්‍යාපාර සමූහය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් ලෙස සිය ජයග්‍රාහී ගමන්මඟෙහි නොනැවතී ඉහළට යමින් මෙරට ප්‍රමුඛතම සංවර්ධන අංශ තුළ සිය මෙහෙයුම් විවිධාංගීකරණය කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.