අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පනවා ඇති තීරුබදු නියෝග යළි බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලොව පුරා රටවල් රැසකට ඇමරිකානු ජනධිපතිවරයා විසින් පැනවූ බදු නැවතත් ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් ට්‍රම්ප් විසින් ගෝලීය තීරුබදු පැනවීමෙන් ඔහුගේ අධිකාරි බලය ඉක්මවා ගොස් ඇති බවට අධිකරණයෙන් ඊයේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම නියෝගය ජනපති ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් එල්ල වී ඇති බවයි ධවල මන්දිරය පවසා ඇත්තේ.
මේ හේතුවෙන් එම නියෝගය තාවකාලිකව අත්හිටුවීමට ධවල මන්දිරයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් එම නියෝගය ලබා දී තිබෙනවා.
ඒ අනුව ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් පෙන්වා දෙන්නේ අමෙරිකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති නමුත් අමෙරිකාවේ ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවයි.
එමෙන්ම ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකට ම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් අවධාරණය කර තිබෙනවා.