සිය වැඩ තහනමට එරෙහිව කටයුතු කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා නීතිඥ සහය ලබා ගන්නා බවයි ඔහු පැවසුවේ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රවී කුමුදේශ් මහතාගේ රාජකාරී වැඩ තහනම් කර තිබෙනවා.