Friday, April 19, 2024

General line - 0115112241

කොණ්ඩෙන් වැඩ පෙන්වා ගිනස් වාර්තාවක් තබයි (VIDEO)

3115

යාපනයේ පුන්නාලකට්ටවාන් ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු ඔහුගේ කොණ්ඩයෙන් කිලෝ මීටරයක් දුරට වෑන් රථයක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් තබා තිබෙනවා.

ඉකුත් 14 වැනිදා එනම් නව අවුරුදු දා මෙම වාර්තාව පිහිටුවීමට ඔහු සමත්ව තිබෙනවා.

සෙල්ලයියා තිරුසෙල්වම් නැමති මොහු යාපනයේ පුන්නාලකට්ටවාන් ප්‍රදේශයේ පිහිටි සිත්ති විනයාගර් කෝවිලේ 43 වෙනි වාර්ෂික මංගල්ලය පැවති දිනය මේ සදහා තෝරාගෙන තිබුණා.

යාපනය පලාලි මාර්ගයේ එම කෝවිල අසල ඇති සිත්තිවිනයාගර් විද්‍යාලය ඉදිරිපිටින් මෙම වෑන් රථය කොණ්ඩයේ ආධාරයෙන් කිලෝමීටරයක් දුර නොනවත්වා ඇදගෙන ගොස් ගිනස් වාර්තාව පිහිටුවීමේ කාර්ය ආරම්භ කෙරුණා.

එය සාර්ථකව ඉටු කිරීමෙන් පසුව සෙල්ලයියා තිරුසෙල්වම් මාධ්‍යට පවසා ඇත්තේ ඔහුගේ  මීළග ඉලක්කය සිය කොණ්ඩයේ ආධාරයෙන් කිලෝ මීටර් දෙකක් දුරට ට්‍රක් රථයක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවීම බවයි.

(වීඩියෝව - දිනසේන රතුගමගේ)

SHARE

You may also like