Tuesday, April 23, 2024

General line - 0115112241

රුසියාවේ ජනපති පුටින් වෙනුවෙන් නිපදවූ අලුත්ම සුපිරි මෝටර් රථය මෙන්න (VIDEO)

10451

හතරවැනි වරටත් රුසියානු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ව්ලැද්මීර් පුටින් වෙනුවෙන්ම නව මෝටර් රථයක් නිර්මාණය කර තිබෙනවා.

සිව්වරක් ජනාධිපති ධුරය දැරුව ද පුටින් එකම වාහනයක් දීර්ඝ කාලයක් භාවිත කරන අයෙකු ලෙස ප්‍රකටව සිටින්නේ.

මෙම වාහනය පුටින් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දක් වන අතර එය රුසියාවේම නිෂ්පාදනය කර තිබෙනවා. මෙය ලිමෝසීන් වර්ගයේ මෝටර් රථයක්.

වෙඩි නොවදින මෝටර් රථයෙහි අංගෝපාංග හා හැකියාවන් රහසිගත වනවා. අවම වශයෙන් Porsche V12 එන්ජින් ධාරිතාවට වඩා වැඩි එනම් අශ්ව බල 860 ක පමණ සහිත එන්ජිමක් එහි ඇති බවයි සැළකෙන්නේ. තවත් සුපිරි හැකියාවන් රැසක් ඊට ඇතුළත් කර ඇති බවද සඳහන්.

(එහි වීඩියෝවක් පහතින් දැක්වෙයි)

SHARE

You may also like