Friday, March 29, 2024

General line - 0115112241

ඒක දන්තයාගේ අඩුව පුරවන්න රටින් ගෙනා කෙනා (VIDEO)

4419

ශ‍්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තිය සඳහා මියන්මාරයෙන් පරිත්‍යාග කරන ලද ඇතෙකු දළදා මාළගාවේ ඇත් ගාල වෙත රැගෙනවිත් තිබෙනවා.

දළදා මාළිගාවේ ඇත් පන්තියේ සිටි ඒක දන්ත ඇතාගේ මරණයෙන් අනතුරුව ඇතෙකු ලබා දෙන්නැයි දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව ජනාධිපතිවරයා මියන්මාරයෙන් කළ ඉල්ලීමකට අනුව, එරට රජය මෙම ඇතා ශ‍්‍රී ලංකාවට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 21ක් පමණ වන මෙම ඇතා පෙරහැර කරඬුව වැඩම කරවීම සඳහාවන ගුණාංගයන්ගෙන් යුක්ත වන බවයි ශ‍්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර ප‍්‍රදීප් මීවනපළාන සඳහන් කළේ.

දළදා මාළිගා ඇත් පන්තිය මේ වන විට ඇතුන් 09 දෙනෙකුගෙන් සහ අලින් තිදෙනෙකුගෙන් සමන්විතයි.

(වීඩියෝව පහතින් දැක්වෙයි) 

SHARE

You may also like