Tuesday, April 23, 2024

General line - 0115112241

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරියේ වැව් 31ක් හැදෙන හැටි

3190

මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරුමැද සහ වයඹ පළාතේ ලොකු කුඩා වැව් විශාල ප්‍රමාණයක් පෝෂණය කෙරෙනවා. 

එමෙන්ම මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාව නැවත පදිංචි කෙරෙන මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 31 ක්ද, ලග්ගල සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 13 ක් ද අලුතින් ඉදිකෙරෙන අතර ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මගින් පෝෂණය කෙරෙන වැවි සංඛ්‍යාව 1200 ක් වනවා.

මොරගහකන්ද - කළුගඟ ජලාශයන්හි සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 660,000 ක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය මෙන් 6 ගුණයක් පමණ වනවා. 

මොරගහකන්ද ජලාශයේ ජල මූලය වන්නේ අඹන් ගඟයි. අඹන් ගඟ ඔස්සේ ගලායන ජලය එක්රැස්කොට දැනට ජල හිඟයෙන් පෙළෙන කෙත් බිම් ප්‍රමාණයකට දියවර සැපයීම මොරගහකන්ද ජලාශයෙන් සිදුකිරීමට අපේක්ෂා කරනවා.

මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ තිරසර සංවර්ධනයක් කරා රට ගෙන යන ගමනේදී මෙරට රජ රට ගොවි ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුවිශාලතම වාරි ව්‍යාපෘතියක් වනවා. 

 

 

SHARE

You may also like