Sunday, April 28, 2024

General line - 0115112241

පාසල් පෙළපොත් මුද්‍රණ වියදම සිව්ගුණයකින් ඉහළට - නිලඇදුම් සියයට 70ක් චීනයෙන්




පාසැල් පෙළපොත් මුද්‍රණ ගාස්තුව සිවු ගුණයකින් වැඩිවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඵ්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදි අද ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ  සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය ලබා දීමේදිද ගැටලු පවතින බවයි. 

මේ අතර ආහාර නොලැබෙන පාසල් දරුවන්ගේ සංඛ්‍යාව වෙනදාට වඩා වැඩි වී ඇති බවත්  පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මෙහිදී වැඩිදුරටත් පැවසුවා.