Saturday, May 18, 2024

General line - 0115112241

පොලිස් කාන්තාවන්ට තග දැමූ ස්ථානාධිපතිට එරෙහිව විශේෂ පරීක්ෂණයක්




පානදුර, දකුණ මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමේන්ද්‍ර පින්තුට එරෙහිව පොලිස්පතිවරයාගේ නියෝග අනුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් පෙළපාලියක නිරත වූ අවස්ථාවේ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන්.

එහිදී එම ස්ථානයට පැමිණ සිටි පොලිස් නිලධාරිනියන් ඉදිරියට තල්ලු කරමින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයා හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් වූ වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම පරීක්ෂණය සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ.