Saturday, July 27, 2024

General line - 0115112241

සීතා අම්මාන් කෝවිලේ කුම්භාභිෂේක පූජා උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි.




නුවරඑළිය සීතාඑළිය සීතා අම්මාන් කෝවිලේ මහා කුම්භාභිෂේක පූජා උත්සවය සඳහා වන පූජා භාණ්ඩ වැඩමවීම වෙනුවෙන් කොළඹ මයුරපති කෝවිලේ පැවැති ශූද්ධ යාත්‍රා පෙරහැර සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහබාගි වී තිබුණා 

ඒ සීතා අම්මාන් කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ සහ මයුරපති කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති පී. සුන්දරලිංගම් මහතාගේ විශේෂ ආරාධනය මතයි.

නුවරඑළිය සීතාඑළිය සීතා අම්මාන් කෝවිලේ මහා කුම්භාභිෂේක පූජා උත්සවය සඳහා අවශ්‍ය පූජා භාණ්ඩ ඉන්දියාවේ අයෝධ්‍යා රාම් කෝවිලෙන් සහ සීතා දේවිය උපන් ස්ථානය වූ නේපාලයෙන් ද, මංජුසාවන් කොම්බටෝරයෙන් සහ ඉන්දියාවේ ශුද්ධ ගංගාවන් වෙතින් ද ලබා ගන්නා ලද අතර ඒවා අද  උදෑසන කොළඹ මයුරපති කෝවිලේ පැවති ශුද්ධ යාත්‍රා පෙරහැරකින් රැගෙන ගොස් තිබුනා.