Saturday, May 18, 2024

General line - 0115112241

මෙවර අයවැයෙන් පීඩාවට පත් ජනතාවට ලැබෙන සහන ගැන විපක්ෂයේ වැඩි අවධානය




අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙවර අයවැයෙන් ජනතාව වෙත ලබාදෙන සහන පිළිබද අවධානයෙන් සිටින බවයි. 

ජාතික ජන බලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද මෙවර අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පෙන්වා දුන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට අද ඉදිරිපත් වන අයවැයෙන් හැකියාවක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි බවයි. 

උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරද අද ඉදිරිපත් කෙරෙන අයවැය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

නිදහස ජනතා සභාවේ විධායක මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අද ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.