Saturday, May 18, 2024

General line - 0115112241

බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් වැසි




දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබල ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.