Monday, May 20, 2024

General line - 0115112241

IMF සමග එකඟතාවට ඇති බාධාවක් ගැන පාඨලීගෙන් අනාවරණයක්




රටේ දළ මූල්‍ය අවශ්‍යතාවය සියයට 28ක්ව පවත්වාගෙන යාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේදී එකගතාවකට පැමිණීමට හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ රටේ දළ මූල්‍ය අවශ්‍යතාවය සියයට 15 සීමාවේ තබා ගැනීම සදහා රජයට කටයුතු කිරීමට තිබූ බවයි. 

විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසුවේ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්නැයි වත්මන් ජනාධිපතිවරයාගෙන් මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බවයි. 

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තුවට භාරදී ඇති බවයි. 

අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරද විවාදයට එක් වුණා. 

මේ, විවාදයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා.