Monday, May 20, 2024

General line - 0115112241

වත්කම් සගවන පුද්ගලයින් ගැන තොරතුරු සොයන්න විශේෂ වැඩපිළිවලක් - මුදල් රාජ්‍ය ඇමති කියයි 




සැබෑ වත්කම් සගවන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීම සදහා වෙනම වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද බදු ලිපි ගොනු විවෘත කළ යුතු බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම බදු අය කිරීමට නව ක්‍රමවේද ඉදිරියේදී හදුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.