Monday, May 20, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමැති ඩයනා ගමගේට එරෙහි පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ




රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද නියෝග කළා. ඒ, එම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ එම නඩුකරයට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයක් පැමිණ තම සේවාදායිකාවට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බවයි.

නඩුවට සම්බන්ධ නොමැති බාහිර පාර්ශ්වයකට මෙවැනි නියෝගයක් ලබාගැනීමට හැකියාවක් නොමැති බවත් එබැවින් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

කෙසේවෙතත් එම ඉල්ලීමට පැමිණිල්ලේ සහ සමගි ජනබලවේගයේ මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සිය විරෝධය පළකර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 15 වන දා ප්‍රකාශයට පත් කරන බවයි. එතෙක් විදේශ ගමන් තහනම දීර්ඝ කරන බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.