Monday, May 20, 2024

General line - 0115112241

සෙස් බද්දෙන් පාසල් උපකරණ මිල තවත් ඉහළ යන ලකුණු




පනවා ඇති නව සෙස් බද්ද හේතුවෙන් පාසැල් උපකරණ මිල ඉහළ යාමේ වැඩි හැකියාවක් ඇතැයි පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා. නෙත් නිවුස් ද මීට පෙර අනාවරණ කළේ පොත්පත්, සපත්තු සහ නිල ඇදුම් මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. 

පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල.

පනවා ඇති සෙස් බද්ද සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පළ කළේ මෙවන් අදහසක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ද මෙහිදී අදහස් පළ කළ අතර එහිදී ඔහු පැවසුවේ පාසල් උපකරණවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් මෙරටට ආනයනය කරන බවයි. ඊට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල හා ජගත් කුමාර ද මැදිහත් වුණා. 

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

මේ, විවාදයට එක්වූ රාජ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ.

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තෙවන දිනය වන අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විටත් එම විවාදය පැවැත්වෙනවා.