Monday, May 20, 2024

General line - 0115112241

සංචාරක වීසා මගින් පුද්ගලයින් විදෙස් රැකියාවන්ට යොමු කිරීමේ ජාවාරම් ගැන දැනුම් දෙන්න ක්ෂණික ඇමතුම් සේවයක්  




සංචාරක වීසා මගින් පුද්ගලයින් රැකියා සඳහා විදේශ ගතකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඩුබායි හා ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මගින් ශ්‍රි ලාංකික කාන්තාවන් යොමුකර එම කාන්තාවන් ගණිකා සේවය සඳහා අලෙවිකරණ බවට වාර්තා වූ පුවත් පිළිබද අවධානය යොමු කරමින්.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයද විදේශ රැකියා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිය විමර්ශන පුළුල් කර තිබෙනවා. සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතකරන ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව 1989 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක අතර 011 2 86 42 14 විමර්ශන අංශයේ දුරකථන අංකය ඔස්සේද ජනතාවට ඇති ගැටලු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කළේ.