Monday, May 20, 2024

General line - 0115112241

අයවැය සකසා ඇති ආකාරය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් චෝදනා




ගජමිතුරන් සහ විදෙස් බහුජාතික සමාගම්වලට හිතකර ආකාරයෙන් මෙවර අයවැය සකස් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි ජ්‍යේෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ දුප්පත් ජනතාව වෙනුවෙන් අයවැයෙන් සහන ලබා දී නොමැති බවයි.

මේ, එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ලබන වර්ෂයට අදාළ අයවැය සම්බන්ධයෙන්  තවත් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න ද විසර්ජන පනත් කෙටුම්පතේ සදහන් ත්‍රෛලෝක විජය පත්‍ර යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.  

ලංකා ගුරු සේවා සංගමයේ  ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ ලබන වසර සදහා අධ්‍යාපනයට වෙන් කළ මුදල ප්‍රමාණවත් නොවන බවයි.  

එම විසර්ජන පනත් කෙටුම්පතේ සදහන් යෝජනා ක්‍රියාවට නැංවීය යුතු බවයි නව ජනතා පෙරමුණේ විධායක සභික විමුක්ති ජයසූරිය කියා සිටියේ.  

මේ, ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ.