Saturday, May 18, 2024

General line - 0115112241

යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට




මොරොන්තුඩුව, ගනේදූව ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්.

ඔවුන් පොතුපිටිය සහ දෙල්දූව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. යතුරුපැදිකරුවන් දෙදෙනාගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.