Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් අනාවරණය පළ දරයි - පාසල් උපකරණ සෙස් බද්දෙන් ඉවතට




සෙස් බද්ද ඉහළ දැමීමෙන් අභ්‍යාස පොත්, පැන්සල්, මකන ආදී කිසිදු පාසල් උපකරණවල මිල ඉහළ යාමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. සෙස් බද්ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව අදහස් දැක්වූයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ වෙළදපොලේ විවිධ මිල ගණන් යටතේ පාසල් උපකරණ අලෙවි වන බවයි. 

මේ, එම සංවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.  

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඒ  සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර සෙස් බද්ද ඉහළ දැමීමෙන් පාසල් උපකරණවල මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් නෙත් නිවුස් අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන් අතර ඒ පිළිබදව බලධාරීන්ගේ අවධානයටද යොමු කෙරුණා. ඉන් අනතුරුවයි පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කිරීමට රජයේ අවධානය යොමු වුණේ.