Saturday, May 18, 2024

General line - 0115112241

මහ බැංකු අධිපති සිය සහයෝගය දෙන බව කියූ බස් හිමියන්ගේ ඉල්ලීම




කොන්දොස්තරවරයෙකු නොමැතිව මගී බස්රථ ධාවනය කිරීමට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පූර්ණ සහය ලබාදෙන බව පැවසූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් සහ මහබැංකු අධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී කොන්දොස්තරවරයෙකු නොමැතිව මගී බස්රථ ධාවනය කිරීමට සහය දක්වන ලෙසට තමන් ඉල්ලීමක් කළ බවයි.

එම සාකච්ඡාවේදී තමන් මුහුණ දෙන ගැටලු පිළිබවදව මහබැංකු අධිපතිවරයා දැනුවත් කළ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.