Saturday, May 18, 2024

General line - 0115112241

ඕමාන් මිනිස් ජාවාරමේ මහමොළකරු අත්අඩංගුවට

ටී කේ ජී කපිල





ශ්‍රී ලාංකික ලාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්. ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩගුවට ගෙන ඇත්තේ. 

44 හැවිරිදි දෙහිවල සහ වත්තල යන ප්‍රදේශවල වාසය කරන පුද්ගලයෙක් වනවා. ඔහු විසින් පවත්වා ගෙන යනු ලබන මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් සහ තවත් රටපුරා පිහිටි විදේශ රැකියා ආයතනවලින් මෙම ජාවාරම සදහා ළාබාල තරුණියන් ඕමානය වෙත යවා තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන් වන ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මොහු මෙම මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බවයි කටුනායක ගුවන් තොටුපළ පොලිසිය සදහන් කළේ.

මේ අතර මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. මේ, ඒ පිළිබද අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි.

ඉන් අනතුරුව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන්  මෙලෙස අදහස් පළ කළා.