Saturday, May 18, 2024

General line - 0115112241

ග්‍රෑන්ඩ්පාස් හිදී වෙඩි තැබීමක් : පුද්ගලයෙකුට තුවාල




ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මන්න කන්නා බවට හදුනාගෙන තිබෙනවා.

වෙඩි තැබූ පුද්ගලයින් සොයා විමර්ශන ආරම්භ කළ බවයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.