Sunday, May 19, 2024

General line - 0115112241

නෙත් පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ මධ්‍යම පළාතේ අවසන් සම්මන්ත්‍රණය අද




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ මධ්‍යම පළාත සදහා වන අවසන් සම්මන්ත්‍රණය අද පැවැත්වෙනවා. ඒ, කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේදීයි.

දරුවන් සදහා වන සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින්. මව්පියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්ද එම විද්‍යාල භූමියේදී පැවැත්වෙනවා. ඊට සහභාගී වන දරුවන් සහ මව්පියන් පෙරවරු 8ට පෙර කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයට පැමිණිය යුතු වනවා. 

එම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සදහා මැලිබන් ගෝල්ඩ් මාරි සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව අනුග්‍රාහකත්වය ලබාදෙනවා.