Sunday, May 19, 2024

General line - 0115112241

පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණීමට පෙර කළ යුතු දෙයක් ගැන ආර්ථික විශේෂඥයෙක් පහදයි




පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණීමට පෙර ඒවා පිළිබද විශ්ලේෂණයක් සිදු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඉන් අනතුරුව එම ආයතනවල පවතින ගැටලු හදුනාගෙන එම ගැටලු දේශීය වශයෙන් විසදීමට හැකියාවක් තිබෙන්නේදැයි විමසා බැලිය යුතු වනවා.

එසේ විසදීමට නොහැකි රාජ්‍ය ආයතන පමණක් විකිණිය යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍ය සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ.

එසේ නොමැතිව හිතුමතේ එම රාජ්‍ය ආයතන විකුණා දැමීමෙන් සාමාන්‍ය ජනතාවටද දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ. 

එලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන ලබා දිය යුත්තේ කුමන පාර්ශ්වවලටද? මේ, ඊට පිළිතුරු ලබාදුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල. 

රට තුළ පිහිටි රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.