Sunday, May 19, 2024

General line - 0115112241

නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමේ වගකීමෙන් බැහැර නොවන බවට මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්




ලබන වසරේ මාර්තු 20 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සිය වගකීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ සඳහා  අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත්, අවශ්‍යතාවය මත එම මුදල් ලබාදීම රජයේ වගකීම බවත් නෙත් නිවුස් කළ විමසීමකදී එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවා.

කෙසේවෙතත් නියමිත කාලයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

නියමිත කාලයට මැතිවරණය පැවැත්වීමට සිය කොමිසමෙන් කිසිදු බාධාවක් නොමැති බව සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ඉකුත් දා ප්‍රකාශ කළා.

සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සමඟ නෙත් නිවුස් සිදුකළ විශේෂ සංවාදය නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.