Sunday, May 19, 2024

General line - 0115112241

නව ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට එන කාලය ගැන අධිකරණ ඇමති කථා කරයි

හේරත් ඒකනායක




එළඹෙන මාස කිහිපය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

මේවනවිට විශේෂඥ කමිටුවකින් මෙම නව පනත කෙටුම්පත් කරමින් පවතින බවයි ඔහු සඳහන් කළේ. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මේ බව සඳහන් කළා. 

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත කිසිලෙසකින් හෝ දේශපාලන පලිගැනීම් සඳහා යොදාගෙන නොමැති බව ද අධිකරණ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.