Sunday, May 19, 2024

General line - 0115112241

රට රැකියා දෙන බව පවසා මුහුණු පොතෙන් පිරිස් රැස් කළ විදේශිකයෙකු ඇතුළු 04 ක් අත්අඩංගුවට




රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් නීත්‍යානකූල නොවන අයුරින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණු හා බඳවා ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා පැවසුවේ මුහුණු පොත හරහා දැන්වීම් පළ කරමින් අදාළ පුද්ගලයින් මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා ජනතාව කැඳවා ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ඉතාලි ජාතිකයෙකු ද සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණු හා බඳවා ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.