Sunday, May 19, 2024

General line - 0115112241

හත් වසරකට පසු ග්ලයිෆොසෙට් තහනම ඉවතට




ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් පනවා තිබූ තහනම වසර 07 කට පසු අද ඉවත් කෙරුණා. ඒ අනුව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහා වන ගැසට් පත්‍රයට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අරමවීර අද අත්සන් තබා තිබෙනවා.

එම ගැසට් පත්‍රය මේවනවිට මුද්‍රණයට යොමු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ. 2015 වසරේදී මෙරට තුළ ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කරනු ලැබුවා.

එලෙස ග්ලයිෆොසෙට් තහනම් කළ ද ඇතැම් පුද්ගලයින් මුහුදු මාර්ගයෙන් තත්ත්වයෙන් බාල ග්ලයිෆොසෙට් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා ඉහළ මිල ගණන් යටතේ බෙදා හැර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. 

එබැවින් තවදුරටත් ග්ලයිෆොසෙට් තහනම පවත්වාගෙන යාම ඵල රහිත ක්‍රියාවක් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. එමෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වල් මර්ධනය සඳහා විකල්ප ක්‍රමවේදයක් මෙතෙක් නොතිබූ බැවින් අස්වනු අඩු වීමට ද ග්ලයිෆොසෙට් තහනම හේතු වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.