Sunday, May 19, 2024

General line - 0115112241

වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශවල ග්ලයිෆොසෙට් තහනම ඉවත් නොකරන්නැයි ඉල්ලීමක්




ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම හරහා ඉදිරියේදී මෙරට වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කරනු ලැබුවේ 2015 වසරට පෙර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද වකුගඩු රෝග පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය ලබාදුන් නිර්දේශ අනුව බවයි.  

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී කාෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ග්ලයිෆොසෙට් බවට මේ දක්වා කිසිඳු පරීක්ෂණයකින් තහවුරු වී නොමැති බවයි. 

වකුගඩු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන උතුරු මැද පළාත ඇතුළු අනෙකුත් ප්‍රදේශවල හෝ මෙම තහනම ඉවත් නොකිරීමට රජය වගබලා ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ. 

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුනහොත් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බවයි.