Sunday, May 19, 2024

General line - 0115112241

අවදානය ගිලිහුණොත් වසර 3කදී මාර්ග අනතුරු 50,000 කින් වැඩි වීමේ අවදානමක්




මාර්ග අනතුරු සහ මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම හා කළමනාකරණය කිරීම පිළිබඳ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සමිත සිරිතුංග පැවසුවේ මාර්ග නීති නිසි ලෙස පිළිපැදීමෙන් මෙලෙස සිදුවන සියලු අනතුරු වළක්වා ගත හැකි බවයි. 

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුව 2030 වසර වනවිට මෙරට සිදුවන රිය අනතුරුවලින් සියයට 50 ක් අඩු කර ගත යුතු වනවා. සෑම පාර්ශවයක්ම නිසි සැලකිලිමත්භාවයකින් ක්‍රියාකළහොත් එම ඉලක්කය පහසුවෙන් ළඟා කර ගත හැකි බවයි වෛද්‍ය සමිත සිරිතුංග මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත හොත් වසර 2025 වනවිට රිය අනතුරුවලින් වසරකට රෝහල්ගත වන පුද්ගලයින් සංඛ්‍යාව 50,000 කින් පමණ ඉහළ යනු ඇති බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.