Sunday, May 19, 2024

General line - 0115112241

ධීවර ජනතාවගේ ගැටළු විසඳීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අද සිට ඇරඹේ




ධීවර ජනතාවගේ ගැටළු විසඳීම සඳහා “දළ රළ සවිය” නමින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පවසනවා.

ඒ අනුව එම වැඩසටහන අද සිට ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. එමගින් ධීවර ජනතාවගේ සමීපයට ගොස් ඔවුන්ගේ ගැටළු විසඳීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවා. 

“දළ රළ සවිය” වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද බේරුවලදී ආරම්භ කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.