Sunday, May 19, 2024

General line - 0115112241

දිවයින ආශ්‍රිත කාලගුණයේ වෙනසක්




නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව කේද්‍රගතව පැවති පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදි තමිල්නාඩු පුදුචෙරි වෙරළ වෙත ළගාවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උතුරු පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.