Sunday, May 19, 2024

General line - 0115112241

කෝටි 12ක මුදල් වංචාවට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා රිමාන්ඩ්

දිනසේන ගමගේ




ව්‍යාජ ලෙස බැංකු ලේඛණ හා අත්සන් යොදමින් රුපියල් ලක්ෂ 120 ක මුදල් හා රන් භාණ්ඩ වංචා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ සැකකාරියන් දෙදෙනා දෙසැම්බර් මස 2 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, පොලීසිය විසින් එම සැකකාරියන් යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නෝර්වේහි වෙසෙන යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරණ ලද පැමිණිල්ලකට අනුවයි එම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වයස අවුරුදු 34 ක් හා 36 ක් වන එම සැකකාරියන් දෙදෙනා එකම පවුලේ සහෝදරියන් බවට අනාවරණ වී තිබෙනවා.