Saturday, June 10, 2023

General line - 0115112241

මානව හිමිකම්වලට මුවාවී ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනපති කියයි




මානව හිමිකම්වලට මුවා වී ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කිසියම් පාර්ශ්වයක් එවන් උත්සාහයක නිරත වන්නේ නම් ආරක්ෂක හමුදාව සම්පූර්ණයෙන්ම මැඩපවත්වන බවයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ. 

මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතැමුන් කරන ප්‍රකාශයන් පිළිබදවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා. 

විපක්ෂය එල්ල කරන චෝදනා කිහිපයකටද ජනාධිපතිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා. 

මේ, අයවැය කාරක සභා අවස්ථා විවාදයට අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල ද විවාදයට එක් වුණා.