Friday, May 3, 2024

General line - 0115112241

කෙසෙල් රට යවා සතිපතා ඩොලර් 10,000ක ආදායමක් ශ්‍රී ලංකාවට




ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය අද ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙලෙස අපනයනය කෙරෙනුයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගණය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල්. 

ඩුබායි වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා දිනය තුළ ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

එමඟින් සතිපතා ඩොලර් 10,000ක ආදායමක් රටට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් පැවසුවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ නාමය අන්තර්ජාතික කීර්තියට පත් කරන අවස්ථාවක් බවයි.