Saturday, May 4, 2024

General line - 0115112241

විදුලි බිල යළි වැඩි කිරීම ගැන ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක්




විදුලිබිල වැඩි කිරීමේ යෝජනාව හකුලා ගන්නා ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. නැවත වරක් විදුලිබිල වැඩි කිරීමෙන් ජන ජීවිතය අඩාල වන බවයි විපක්‍ෂ නායකවරයා එහිදී කියාසිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන ජගත් කුමාර ද විදුලිබිල වැඩි කිරීමට එරෙහිව අදස් පළ කළා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ විදුලිබිල නැවත වරක් වැඩි කිරීමට තමන්ද එකඟ නොවන බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශකයක් සිදුකරන ලෙස විෂයභාර අමාත්‍යවරයාට දැනුම් දෙන බවද සභානායකවරයා එහිදී කියාසිටියා.