Friday, May 17, 2024

General line - 0115112241

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ




වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

අදාළ නියෝගය ලබන ජනවාරි 01 වනදා සිට බලාත්මක විය යුතු බවයි එම ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

ඒ අනුව කිසියම් බලධාරියෙකු විසින් සේවයේ රඳවා ගැනීමට තීරණය කළ හොත් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධාරීන් හැර සෙසු රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගත යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.