Friday, May 17, 2024

General line - 0115112241

මත්කුඩු තිප්පොලක් පොලීසිය වටලද්දී ගඟට පැන, අයෙකු අතුරුදන්




රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයේ මත්කුඩු තිප්පොලක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. අදාළ අවස්ථාවේ එහි සිටි තවත් සැකකරුවන් 3 දෙනෙකු අසල තිබූ ගඟකට පැන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එලෙස ගඟට පැන පළා ගිය දෙදෙනෙකු එගොඩට පිහිනා පළා ගොස් ඇති අතර අනෙක් සැකකරු අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.