Friday, May 17, 2024

General line - 0115112241

රටේ උසස් අධ්‍යාපන රටාවේ අනතුරක් ගැන අනාවරණයක්




අධ්‍යාපනයේ ඇති ගුණාත්මක අංගවලින් හෙබි සිසුන් විශ්ව විද්‍යාලවලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව කැළණි විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ පවසනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට අදාළ සූදානම් කිරීම් සහ ඉගැන්වීම් කටයුතු පාසැලෙන් බැහැරව වෙනත් පාර්ශවවලින් සිදුකිරීම හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ මෙම අදහස් පළ කළා.


වර්තමාන අධ්‍යාපන ක්‍රමය යටතේ ඵලදායි සිසුන් බිහිනොවන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා. 


විශ්වවිද්‍යාල තුලදී සිසුන් තෝරාගන්නා විෂය තුළම රැඳී සිටීම තුලින් ඔවුන්ගේ වෘත්තිය සුදුසුකම් සපුරා ගැනීමේ නොහැකි තත්ත්වයක් ද දක්නට ලැබෙන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ කතිකාචාර්ය ඩබ්ලිව් එම් කල්‍යාණි විජේසුන්දර මෙහිදී කියා සිටියේ.