Friday, May 3, 2024

General line - 0115112241

අධ්‍යාපනය හා සෞඛ්‍යයට සමාන මුදලක් පාඩු ලබන ආයතන නඩත්තුවට රජය වැය කරයි




අයවැය විවාදයේ තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා.

එහිදී ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂවලින් නෙත් නිවුස් විමසීමක් කළා.

නිදහස ජනතා සභාව පැවසුවේ මෙවර අයවැයට පක්ෂව ඡන්දය දීම රටේ ජනතාවට විපක්ෂව ඡන්දය දීමක් බවයි.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්.


කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ මේ මොහොතේ අයවැයට පක්ෂවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.



එහෙත් ආණ්ඩුව ලබන වසර සඳහා ඉදිරිපත් කර ඇත්තේ ජනතා විරෝධී අයවැය ලේඛනයක් බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද තීරණය කර ඇත්තේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටයි. මේ, එම පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල්.


ලබන වසර සඳහා වන අයවැයෙන් ජනතාවගේ බදු බර සහ ණය බර වැඩිවීම හේතුවෙන් ඊට විපක්ෂව ඡන්දය ලබාදෙන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ.


මේ, උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ.



කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ අයවැය දෙවනවර කියවීමේදී ලැබූ ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් මෙවර ආණ්ඩුව ජයගන්නා බවයි.


ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් පැවසුවේ සිය පක්ෂයේ සාමාජිකයින් අයවැයට පෙර පාර්ලිමේන්තුවේදී රැස්වී අයවැයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.



දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානඛ්‍යම් රාසමාණික්කම් පවසන්නේ මෙවර අයවැයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි.